Platform SEMC (Sony Ericsson Mobile Communications)
Sony Ericsson සමාගම එයාලගේ phone හදන්නෙ මෙන්න මේ platform එකේ!. ඒ උනාට මේ chipset / platform SEMC එකෙන් phone හදන වෙනත් සමාගමුත් තියෙනවා, උදාහරනයක් විඩියට Sharp 703/802/902/903 (db2000), Sharp 904SH (db2020), etc., and LG 8130/8830, . ඒ උනාට මේ platfom එක හැදුවෙ SonyEricsson එකෙන්, ඔයාගෙ phone එකත් A2uploader එකට සම්බන්ද කරාම ලෝඩ් වෙන details වලින් ඔයගෙ phone එකේ platform එක දැන ගන්න පුලුවන්,
CID:
මෙන්න මේ CID අංකයෙන් තමයි ඔයාගෙ phone එකේ ආරක්ශාව බලගන්නේ!.. දැනට CID versions කිහිපයක් තියෙනවා, ඒවා තියෙන්නේ අංක විදියට, CID versions වලට උදාහරන ලෙස 29/36/37/49/50/51/52/53 දෙන්න පුලුවන්. OTP (once programmable memory) සහ EROM ආරක්ශා කරන්නෙ මේ CID අංකයෙන්, කොහොම උනත් ඔයාගෙ phone model එකේ OTP CID අංකය වෙනස් වෙන්නෙ නෑ, ඒත් EROM CID අංකය firmware එකත් එක්ක වෙනස් වෙන්න පුලුවන්.
Color BLUE / BROWN / RED (Blue / Brown / Red):
මේක තමයි phone එකේ certificate එකේ පාට. සාමන්‍යෙන් පාටවල් 3ක් තියෙනවා, ඔයාගේ phone එකේ පාට නිල් නම් GDFS/IMEI program නොකරපු factory එකන්ම ගත්තු phone එකක් (හොඳට මතක තියගන්න, නිල් පාට කිව්වෙ housing එකේ පාට එහෙම නෙමේ). ඔයාගේ phone එකේ පාට දුබුරු පාට නම් ඒක developersලට test කරන්න දුන්නු phone එකක්, කොටින්ම කිව්වොත් ඒවා පාවිච්චි කරන්නේ debug කරන්න, නෙත්තම් ඒවා beta version ඒකේ phone. Lock වෙලා තියෙන CID 36 phone එකක් දුබුරු පාටට හෙරෙව්වොත් ඒක unlock කරගන්න පුලුවන්. (පාට මාරු කරන හැටි අපි ඉස්සරහට බලමු) මීලඟට තියෙන්නෙ රතු පාට, අපි ගාව තියෙන්නෙ ඒවා තමා, කඩේ ගන්න තියෙන්නේ රතු certificate සහිත phone.
GDFS:
මේක phone එකේ තියෙන රහස් තෙනක්, හොන්ඩට මතක තියා ගන්න සමහට phone වල GDFS එක damage උනොත් phone එක dead
OTP (One Time Programable):
OTP - phone එකේ තියෙන memory වලින් එක සෙරයක් විතරක් program කරන්න පුලුවන් දේ තමයි OTP කියන්නේ, උදහරනයක් විදියට IMEI අංකය එහෙමත් නෙත්තම් serial අංකය. ඒක කවදාක්වත් වෙනස් කරන්න බෑ. ඒ වගේම තමයි CID අංකෙත් තියෙන්නෙ OTP එකේ. OTP එක වෙනස් කරන්න ඔනෙනම් chip එක මාරු කරන්න ඔනේ, හෙබෙයි එහෙම කරනවට වඩා හොඳයි අලුත් phone එකක් ගන්න එක, ඒක නිසා තමයි අපිට IMEI අංකය වෙනස් කරන්න අමාරු.
IMEI (International Mobile Equipment Identity):
ඔයාලා මේක ගෙනනම් දන්නවනෙ? IMEI කියන්නේ අංක 15 කින් සමන්විත අංකයක්. IMEI එකෙන් phone එක හදපු company එක,හඩපු තෙන, model එක යන තොරතුරු හෙම එකක්ම හොය ගන්න පුලුවන්. Model එකටයි හදපු company එකටයි පලවෙනි අංක 8 හම්බෙන්නෙ, ඒකට කියන්නේ Type Allocation Code / TAC කියලා. ඉතුරු අංක ටික දෙන්නෙ company එකන්, SonyEricsson phone වල IMEI අංකේ තැන් 2ක තියෙනවා, එකක් OTP එකේ අනික GDFS එකේ. අපි SIM එකක් දෙම්මම phone එක network එකත් එක්ක සම්බන්ද වෙන්නේ GDFS IMEI එකන්, SonyEricsson වල IMEI තියෙන්නෙ XXXXXXXX-XXXXXX-X-XX විදියට. IMEI හොයගන්න *#06# අමතන්න ඔනේ.
DB5230/DB2000/2010/2012/2020/3150/3210:
මේක තමයි SEMC (Sony Ericsson Mobile Communications) වල hardware platform එක. මේක පරිඝනකයේ chipset එකට සමාන කරන්න පුලුවන්. DB2000 platform එක design කරේ GSM +3 G (UMTS) phone වලට. උදාහරන විදියට SE K600/K608/V600/Z800/W900, Sharp 802sh, 902sh, 903sh. DB2010/2012 platform එක GSM එහෙම නෙත්තම් 2G සඳහා හදපුවා, 3G සඳහා නෙමේ,එකේ උදහරන විදියට K300, K500, K700, K750, S700, W300, W550, W800, Z520, Z530 දෙන්න පුලුවන්. DB2020 කියන්නේ අලුත් platform එකක්, ඒකට උදහරන විදියට K550, K610, K800, S500, W610, Z710. අලුතිම ආපු platform එක තමයි - DB3150 (A2), C702, K660, K850, W890, W910, Z750 ඒ platform එකට උදාහරන විදියට දෙන්න පුලුවන්.
Firmware:
මේක තමයි phone එකේ software version එක, firmware එක බලන්න ඔනෙනම් phone එක normal එහෙමත් නෙත්තම් standby mode එකේ තියෙද්දි >*<<*<* dial කරන්න. (> කියන්නේ joystick එකේ දකුනු පැත්ත, ඒ වගේම < කියන්නේ joystick එකේ වම් පැත්ත), පලවෙනි line එකේ තියෙන්නේ phone එකේ firmware එකේ version එක.
Sony Ericsson phone සඳහා fireware එක කොටස් 2කින් සමන්විතයි.
MAIN - මේක තමයි ප්‍රධානතම කොටස, මෙක තමයි system graphics device එක
FS - මේක තමයි FileSystem එක, ඔන්න අපි සෙල්ලම් කරන්නේ මෙකත් එක්ක තමයි!!
Phone එකේ Main firmware files තියෙන්නේ මේ විදියට:
1 type: K750_R1CA021_MAIN_EU_1_CL_RED49.mbn
2 Type: K790_R8BF003_MAIN_GENERIC_EV_RED52.mbn
No comments:
Post a Comment